මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නීතිපතිගේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එවන ලද මාර්ගෝපදේශ මාලාවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අනුමැතිය ලබාදී ඇත.

මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *