සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම අයදුම්පත් එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජීත මහතා පවසයි.

ඊට අදාළ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ලබාගැනීමේ හැකියාව පවති.

මේ අතර උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත.

මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *