පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්. 09 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – පාසල් සඳහා දෙවන වාර නිවාඩු ඔක්තෝබර් මස 09 ආරම්භ වේ. එය නොවැම්බර් 16 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේම 11 – 12 සහ 13 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ලබන සඳුදා (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් නැවත විවෘත කෙරෙනුයේ මහ මැතිවරණයෙන් පසු අගෝස්තු 10 වනදායි.

දෙවන වාරයේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 09 අවසන් කෙරේ. 03 වන වාරය සඳහා පාසල් විවෘත කිරීම නොවැම්බර් 16 වනදා සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *