අඩ්ඩාලච්චේන ප්‍රදේශයට නව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයක්

(කොළඹ, ලංකාපුවත්) – අඩ්ඩාලච්චේන අශ්රෝෆ්නගර් හි ඉදි කරන ලද නව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරය පසුගියදා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් විවෘත කළාය.

ඒ සදහා රජය වැය කළ මුදල රු.මිලියන 250කි.

දිනකට කසල ටොන් 50ක් එම නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන අතර එයින් නිපදවන කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය ටොන් 10කි. කල්මුණේ, සමන්තුරේ, නාවිදන්වේලි, නින්දවූර්, කාරතිව්, අඩ්ඩාලච්චේන, අක්කරෙයිපත්තු සහ අලයඩිවෙම්බු යන පළාත් පාලන ආයතන මගින් එකතු කරන කැලිකසල ඒ සදහා යෙදවිමට නියමිතය.

නැගෙනහිර පළාත තුළ ආරම්භ කළ දෙවන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරය මෙය වන අතර තවත් නිෂ්පාදනාගාරයක් කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. නව පොහොර නිෂ්පාදනාගාරය විවෘත කිරීම සංකේතවත් කරමින් ආණ්ඩුකාරවරිය එම පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීම ද විශේෂත්වයකි.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසේකර, පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් යූ.එල්.ඒ.අසීස්, පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් ඇතුළු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නියෝජිනය කරමින් නිළධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *