ඉදිරි පැය 12 කාලය තුළ තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.

එමෙන්ම දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළඟේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *