කොවිඩ් 19 පාලනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) –බොහෝ සම්පත් හා තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින රටවලට සාපේක්ෂව කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සමත්වූ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

හොඳින් ස්ථාපිත මහජන සෞඛ්‍ය පද්ධතියට, විශේෂයෙන් බෝවන රෝග නිරීක්‍ෂණයට සහ රජය විසින් ගෙන ඇති ක්‍රියාකාරී වැඩපිළිවෙළ ඊට හේතුවක් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය පැවසුවාය.

වසංගතයේ මුල් අවදියේ දී අවශ්‍ය සියලු දේ සැකසීමට ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය හා විද්‍යාව විසින් මෙහෙයවනු ලැබූ ක්‍රමවේදය උපකාරී වී තිබෙන බව පෙන්වා දෙන එම නියෝජිතවරිය පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සහ යම් හෙයකින් වැඩි පිරිසකට වෛරසය ආසාදනය වුවහොත් ඒ වෙනුවෙන් රෝහල්වල ධාරිතාවන් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සැකසීමට අදාළ නිරීක්ෂණ පද්ධතියක් සැකසීම බෙහෙවින් ඉවහල් වන බවද කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *