ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ඊයේ (19) රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ශ්‍රි ලංකාවේ සහ වෙනත් රටවල ගම්මිරිස් ඵලදාව මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු ඉන්දියාවයි. ඉන්දියාව මිලට ගැනීම් කරනුයේ සලාක ක්‍රමයකට අනුවය. ශ්‍රී ලංකාවට දී ඇති සලාකය වැඩි කර ගැනීම සැලැස්මේ ප්‍රධාන අංගයකි. ඊට අමතරව දේශීය ගම්මිරිස් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීමට පියවර ගැනේ. නිමි නිෂ්පාදන ලෙස ගම්මිරිස් අපනයනට ගොවීන් උනන්දු කරවනු ලැබේ. ඇසුරුම් ලෙස (පැකට්) ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශ්‍රිත නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා එහිදී ගොවීන්ට පෙන්වා දෙන ලදි.

ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට ගිය විට ජනතාව ගම්මිරිස් වගාකරුවන් මුහුණපා සිටින ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා ගම්මිරිස් වගාවේ සංවර්ධනය පිළිබඳ නව සැලසුම් පැහැදිළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *