දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ

(කොළඹ, ලංකාපුවත්) – අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැඩීම හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.

ඒ හේතුවෙන් පින්නදූව හා ඉමදූව ප්‍රදේශ අතර මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන පින්නදූව හා ඉමදූව පිටවීමේ දොරටුවලින් ගමන් කරවීමට පොලීසිය මේ වනවිට කටයුතු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *