රාජාංගනයේ ගම්මාන 24ක් හුදකලාවෙයි

(කොළඹ, ලංකාපුවත්) –අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ව සිටි කොරෝනා ආසාදිතයෙකු රාජාංගනයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් එහි වැසියන් කොරෝනා අවදානමට ලක්ව ඇත.

එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙනෙක් ස්වයං නිරෝදායනයට ලක් කර තිබේ.

රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 17 කු හඳුනාගෙන ඇත.

ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ 813 එම ප්‍රදේශයේ සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *