HNB අධ්‍යාපනය සම්බන්ධ ගාස්තු ගෙවීමේ වේදිකාවක් myfees.lk සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළැඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසැල් හෝ අධ්‍යාපනය සම්බන්ධ ගාස්තු ගෙවීමේ වේදිකාව myfees.lk සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළැඹි බව නිවේදනය කර ඇත.

Powered by HNB, මෙම අධ්‍යාපන ගාස්තු ගෙවීමේ වේදිකාව මඟින් දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට බාධාවකින් තොර, ඉතාමත් සරල හා ගෙවීම් කටයුතු නිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් එක් බොත්තමක් ක්ලික් කළ සැනින් ලබා දෙයිx විශේෂයෙන්ම අධ්‍යාපන අංශය ඉලක්ක කරගත් මෙම නව සහයෝගිතාවය සැමටම ආරක්ෂිත, සරල හා පහසු ගෙවීමේ හැකියාවක් ලබා දෙයි.

‘‘කොවිඞ් වසංගතය හේතුවෙන් පැවති lockdown කාලය තුළ අධ්‍යාපන අංශයේ කටයුතු අඛණ්ඩව එලෙසම පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ඩිජිටල් වේදිකාවලට මාරු වීමක් දක්නට ලැබුණා. ඩිජිටල්කරණ ක‍්‍රියාවලියේ අඛණ්ඩව ඉදිරියට යන බැංකුවක් ලෙස දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට පහසුකම් සැලසීමට මෙම නවෝත්පාදන හා පහසු ගෙවීමේ වේදිකාවට ශක්තිය ලබා දීම පිළිබඳව අප සතුටු වෙනවා,’’ යනුවෙන් මෙම අවස්ථාවට සහභාගී වෙමින් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

පරිශීලකයින් සරලවම myfees.lk වෙත පිවිස, අදාල තොරතුරු ලබා දී එක් බොත්තමක් ක්ලික් කිරීමෙන් අදාල ගෙවීම් කටයුතු ගමන් බිමන්වලින් තොරව කාලය ඉතිරි කර ගනිමින් සිදු කර ගත හැකිය. සියලූම ණයපත් හා හරපත් හරහා අදාල ගෙවීම් භාරගන්නා අතර ලියකියවිලි අවශ්‍ය නොවීමත් පසුගිය ගෙවීම් පිළිබඳ වාර්තා ඇතුලත්ව තිබීමත් මෙහි සතු විශේෂත්වයකි.

‘‘ශ්‍රී ලංකාව ඩිජිටල් වේදිකාවලට මාරු වීම සම්බන්ධයෙන් සැලකීමේදී සැලකිය යුතු අධ්‍යාපනික ආයතන සංඛ්‍යාවක් MyFees වේදිකාවට ඇතුලත් වී සිටීම ඉතාමත් දිරිගන්වන සුළුය. HNB සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය පරිශීලකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරන අතර සිසු සිසුවියන් හා අධ්‍යාපනික ආයතනවලට වටිනාකම් එකතු කළ සේවාවන් එක් කිරීමට අපව නම්‍යශීලී කරයි. MyFees හි වර්ධනය පිළිබඳව අප ඉතා සතුටු වන අතර MyFees සතුව ඇති සුවිශේෂ හැකියාව කලාපය තුළ ව්‍යාප්ත කිරීමේ සාර්ථකත්වය පිළිබඳව අප තක්සේරු කරමින් සිටිනවා,’’ යනුවෙන් MyFees අධ්‍යක්ෂක, ෆයික් ෆායීස් මහතා පැවසීය.

2017 දී දියත් කරන ලද, myfees.lk දෙමාපියන්ට සහ පාසැල්වලට ආතතියකින් තොරව ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා බාධාවකින් තොර, ඉතා සරල හා ගනුදෙනු නිෂ්චය කිරීමේ ක‍්‍රියාවලියක් සමඟ ආරක්ෂිත හා පහසු ක‍්‍රමයක් සපයයි.

පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 251ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාම ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී බැංකුව අඛණ්ඩව සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද නම් කිරීමට අමතරව ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් ද සම්මානයට පාත‍්‍ර විය. දේශීය වශයෙන්, බිස්නස් ටුඬේ Top 10 ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් සිටින HNB 2019 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කියන ලදී.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB වෙත Moody’s Investors Service විසින් B1 ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *