ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් මෙරටින් වාර්තා වී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කිසිදු කොරෝනා ආසාදිතයෙකු ඊයේ(21) දිනයේ දී මෙරටින් වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ශ‍්‍රි ලංකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2730කි. ඉන් 2048 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

කොරෝනා වසංගතය මුළුමනින්ම පාලනය කරන තුරු ජනතාව සෞඛ්‍ය නිර්දේශ පිලිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *