ජනතාවගේ නිවාස ප්‍රශ්න විසදන්න සැලසුම් සකස් කොට අවසන් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –පොදුජනතාවගේ නිවාස ප්‍රශ්නය විසදීමට දැනටමත් සැලසුම් සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් ජනාධිපතිතුමා පත් වූ වහාම සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් නිවස බැගින් නිවාස දාහතර දහස් පන්සියයකට වඩා ඉදිකර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ රැළි කිහිපයක්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

පූජාපිටිය නගරයේදී ඊයේ (21) පස්වරුවේ පැවති ජනහමුවටද අග්‍රාමාත්‍යවරයා එක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *