පෝෂණ මිත්‍යාවන් තුරන් කරමු

(කොළඹ, ලංකාපුවත්) –පෝෂණ මිත්‍යාවන් තුරන්කිරීම – ඔබසැබවින්ම දැනගත යුතු දේ

වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න හා සමබර ආහාර වේලක් යනු ඉතා ජනප්‍රිය කරුණකි. අප සැවොම සෞඛ්‍ය සම්පන්න පරිවෘත්තියක් metabolism හා ප්‍රතිශක්තිය immunity පවත්වාගැනීම පිළිබඳ අලුත්ම තොරතුරු සොයමින් සිටින බැවින් නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලට ඇතුළත් කර ගැනීමේ දැනුවත් භාවය මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. එවැනි එක් පෝෂණ සම්පතක් වන්නේ මාගරින් හා මේද තැවරුම්ය. කෙසේ වෙතත් වසර ගණනාවක් මුළුල්ලේ එය බොහෝ වැරදිවැටහීම් හා පදනම් විරහිත කට කථා වලට ලක්වූ පෝෂණ සම්පතකි.

මෙම ප්‍රකාශයන් බොහොමයක් සමීප මිතුරන්ගෙන් හෝ නෑදෑයන්ගෙන් පැමිණෙන නමුත්, සත්‍යම හැර අන්කිසිවක් අඩංගු නොවූ සම්පූර්ණම සත්‍ය දැන ගැනීමට අවස්ථාව මෙසේ සලසන්නෙමු. එසේනම් එම වැරදිතොරතුරු කිහිපය නැවත බෙදාහැරීමේ බොත්තමට විරාමයක් ලබාදී අපි එහි සත්‍යය මෙලෙසින් එළිදරව්කරමු.

පළමු දුර්මතය – ‘මාගරින්/ මේද තැවරුම් යනු ප්ලාස්ටික් වලින් ඉවත්වූ එක් අනුවක්’

මෙය ඉතා හාස්‍ය ජනකවූ අසත්‍යයකි මාගරින් හා මේද තැවරුම් හි ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ශාක පදනම් කරගත් මේදය හා ජලයයි. රසායනිකව, ප්ලාස්ටික් තුළමාගරින් වල අඩංගු සංතෘප්ත හා අසංතෘප්ත මේදයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අණුක වියුහයක් පවතී. මාගරින් හා මේද තැවරුම් සුරක්ෂිත හා පෝෂ්‍යදායී වන අතර වසර ගණනාවක් පුරා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් බවටපත්ව තිබේ.

දෙවැනි දුර්මතය – ‘ මේදය ඔබට අහිතරකයි’

නැවතත් වැරදී!. හොඳ සහ නරක අතර වෙනස වටහා ගැනීම ඉතා වැදගත්ය. සියලුම ආහාර වල අඩංගු මේදය ශරීරයේ ක්‍රියාකාරීත්වය හා සෞඛ්‍යය සඳහා නිර්දේශිත දෛනික ප්‍රමාණයන් ගෙන් අවශ්‍යවේ. හිතකර‘හොඳ’අසංතෘප්ත මේද පරිභෝජනය වැඩිදියුණු කරගන්නා අතරතුරම‘නරක’සංතෘප්ත මේද පරිභෝජනය අවම කරගැනීම ඉතාවැදගත්ය. යථාර්ථය නම් හේතු ගණනාවක් නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ආහාර මේදය අවශ්‍ය බවයි. මෙම මේද ශක්තිය සපයමින්, මේද ද්‍රාව්‍ය විටමින් විසුරුවා හරිමින් නිරන්තරයෙන් විටමින්වල ආරක්ෂාව සමඟින් විටමින්‘ඒ’, ‘ඩී’සහ‘ඊ’ ලබාදෙයි.

සෞඛ්‍ය බලධාරීන් (ලෝක සෞඛ්‍ය සංවිධානය) නිර්දේශ කරන්නේ වැඩිහිටියන්ගේ මුළු දෛනික ශක්තියෙන් 20%-35%ත් අතර ප්‍රමාණයක් මේද පරිභෝජනය නියෝජනය කළයුතු බවයි. මෙයින් අදහස්වන්නේ කිලෝකැලරි 2000ක ආහාර වේලක් සලකා බැලීමේදී දෛනිකව මේදය ග්‍රෑම් 45-78ක් දක්වා පරිභෝජනය කිරීමයි. වයස අවුරුදු 2-18 අතර ළමුන් හා තරුණ වැඩිහිටියන්ගේ දෛනික ශක්තියෙන් 25%-35% අතර ප්‍රමාණයක් ගුණාත්මක මේදයෙන් නිෂ්පාදනය කළයුතුය. මේද පරිභෝජනයේ ගුණාත්මකභාවය සෞඛ්‍යට අත්‍යාවශ්‍යවේ.

මිනිස් සිරුර පළමු වසර කිහිපය තුළඉතා වේගයෙන් වර්ධනය වේ. එබැවින් දරුවන්ට ඔවුන්ගේ වර්ධනය හා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ශක්තිය හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව පෝෂ්‍ය පදාර්ථ වර්ගයන් (උදාහරණයක් ලෙස මේදය හෝ කාබෝහයිඩ්‍රේට්) නොසලකා සෞඛ්‍ය සම්බන්ධ ශරීර බරක් පවත්වා ගැනීම සඳහා ශක්ති සමතුලිතතාවය ඉතා තීරණාත්මකය.

යොමුව:

■ ලෝක සෞඛ්‍ය සංවිධානය WHO /එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය FAO

මානව පෝෂණයේ අඩංගු මේද හා මේද අම්ල විශේෂඥ උපදේශන වාර්තාව.

■ යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය EFSA’ විද්‍යාත්මක මතය n-3 සහ n -6 බහු අසංතෘප්ත මේද අම්ල සඳහා යොමු පරිභෝජන අගයන් ලේබල් කිරීම. යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරියේ සඟරාව2009; 1176″ 1-11

■ ලෝක සෞඛ්‍ය සංවිධානය WHO’ ලෝක සෞඛ්‍ය සංවිධානය/එක්සත්ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය FAO ඒකාබද්ධ විශේෂඥ උපදේශනයක වාර්තාව. ආහාර පෝෂණය හා නිදන්ගත රෝග වැළැක්වීම. ජිනීවා: ලෝක සෞඛ්‍ය සංවිධානයත 2003. වාර්තා අංක: 916

තෙවැනි දුර්මතය – ‘මාගරින් පිලිකාකාරකයකි’

මෙය වඩාත්ම ප්‍රචලිත මිත්‍යාවන්ගෙන් එකකි. සරලවම කිවහොත් මෙය සත්‍යයක් නොවේ. නිදන්ගත රෝග වැළැක්වීම සඳහා සැබැවින්ම වැදගත් වන්නේ හොඳ පෝෂණයයි. ධාන්‍ය, පලතුරු සහ එළවළු වලින් සමන්විත සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලබා ගැනීම පිලිකා සහ හෘදරෝග අවදානම අඩුකර ගැනීමේ හොඳම ක්‍රමයයි. අසංතෘප්ත මේදය එනම් ඔමේගා -3 හා ෆ්ලෝරා මේද තැවරුමේ අඩංගු ඒක අසංතෘප්ත මේද සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම සමග සැබැවින්ම සබැඳී තිබේ.

මාගරින් හා මේද තැවරුම් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය ආරක්ෂිත යැයි ලොව පුරා සිටින විද්‍යාත්මක විශේඥයන් සමාලෝචනය කර තිබේ.මාගරින් නිෂ්පාදනය මූලික වශයෙන් මිශ්‍ර කිරීමේ හා සිසිලන ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය මඟින් අමුද්‍රව්‍ය වලට වෙනස්කම් හඳුන්වානොදෙයි. එබැවින්, මෙම මිත්‍යාවන් පසෙකට දමා ඔබේ මිතුරන්ට සහ අසල්වැසියන්ට සත්‍යය පතුරුවා හැරීමට නියම කාලය එළැඹ ඇත.

යොමුව:

■ මිනිසාගේපෝෂණයේ මේද හා මේද අම්ල පිළිබඳ ලෝක සෞණ්‍ය සංවිධානය WHO එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය FAO ඒකාබද්ධ විශේෂඥ උපදේශනයක එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ වාර්තාව. ජිනීවා 2008.

http://foris.fao.org/preview/25553-0ece4cb94ac52f9a25af77ca5cfba7a8c.pdf

■ ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය FAO ආහාර පෝෂණය හා නිදන්ගත රෝග වැළැක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය/එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධ විශේෂඥ උපදේශනය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 916 තාක්ෂණික වාර්තා මාලාව. ජිනීවා 2002.

http://www.who.int/dietphysicalactivity/publications/trs916/en/

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා හයිඩ්‍රජනීකරණය නොවූ ට්‍රාන්ස්මේදය හිත අසංතෘප්ත මේද තැවරුම් නිතරම තෝරාගන්න. නිෂ්පාදන ඇසුරුම සරලව පරීක්ෂාකරන්න. ට්‍රාන්ස් මේද අඩංගු නොවන බව ඇස්ට්‍රා සහ ෆ්ලෝරා යන වෙළඳ නාමවල පැහැදිලිව සඳහන්කර ඇත. අපගේ අහාර වේලට මේදය අත්‍යාවශ්‍ය වන අතර ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැත. ඔබ ආහාර තෝරාගැනීමේදී හා ශාකපදනම් කරගත් මේද තැවරුම් වල මේදයේ ඇති සියලුම යහපත්දේ ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කරගැනීමේදී නුවණක්කාර වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *