2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

(කොළඹ, ලංකාපුවත්) – 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) පාලක මණ්ඩලයේ සභාපති බ්‍රිජේෂ් පටෙල් ඊයේ(21) සදහන් කළේය.

ඒ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ.

එසේම ජුලි 24 වන දින අයි.පී.එල්. හි පාලක සභා රැස්වීමක් අපේක්ෂා කරන අතර ඉන් අනතුරුව තරගාවලිය පිළිබඳ අවසාන තීරණයකට පැමිණීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

තරගය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරග පැවැත්වෙන ආකාරය පිළිබඳ ව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකය කල් දැමීමට පියවර ගැනුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *