HNB FINANCE අඛණ්ඩව සිව්වැනි වරටත් ‘A Great Workplace’ සහතිකය ලබයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE අඛණ්ඩව සිව්වන වරටත් ‘A Great Workplace’ සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම සහතිකයට අනුව මෙරට සේවය කිරීම සඳහා සුදුසුම ආයතන අතුරෙන් එකක් ලෙස HNB FINANCE අභිශේක ගැන්විණ.

Great Place to Work ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ස්වාධීන ඇගයීමකින් අනතුරුව මෙම නම් කිරීම සිදු කර ඇත. Great Place to Work ආයතනය විසින් සේවක සේව්‍ය සබඳතා පිළිබඳව නිර්ණායකයන් වන විශ්වසනීයත්වය, ගෞරවනීය බව සහ සාධාරණත්වය, අභිමානය සහ මිත‍්‍රත්වය යන පස්වැදෑරුම් ප‍්‍රතිපත්ති මත පිහිටා සිදු කරන ලද ඇගයීමෙන් අනතුරුව zA Great Workplace’ සහතිකය HNB FINANCE සමාගමට පිරිනමනු ලැබීය.

පසුගිය වසර තුන පුරාවට සමාගම විවිධාංගීකරණය වූ සමූහික සේවා පරිසරයක් ඇති කිරීම සඳහා අඛණ්ඩව කැපවූ අතර බඳවා ගැනීම්, වෙනස්කර නොසැලකීම් සහ දක්ෂතා දක්වන සේවකයින් ඉදිරියට ගෙන යෑම සහතික කරවන සංස්කෘතියක් ආයතනය තුළ නිර්මාණය කිරීම Great Place to Work ආයතනයේ ඇගයීමට ලක් විය. ආකර්ෂණීය සේවා පරිසරයක් ආයතනය තුළ පවත්වාගෙන යමින් උපරිම ඵලදායීත්වයෙන් යුතු සේවාවක් පාරිභෝගිකයින්ට ලබා දීමටත් එමගින් සිය දැනුම සහ වෘත්තීය කුසලතාවන් මත සිය රැකියාවේ ඉදිරියට යාහැකි සේවක ප‍්‍රතිපත්තියක් HNB FINANCE ගොඩනංවා ඇත. එමෙන්ම සමාගමේ තිරසර භාවය සඳහා ද දිගුකාලීනව සහාය වීම යන කරුණු පසුගිය වසර 4 පුරාවටම සාක්ෂාත් කරගැනීමට HNB FINANCE සමාගමට හැකි ව තිබේ.

මෙම ඇගයීම පිලිබඳ අදහස් දක්වන HNB FINANCE හී කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ‘‘අඛණ්ඩව වසර 4ක් මුළුල්ලේ zA Great Workplace’ සහතිකය හිමි කර ගනිමින් ආසියාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් 25 අතරට එක් වීම සුවිශේෂි ජයග‍්‍රහනයක් බව මගේ විශ්වාසයයි. මෙම සහතිකය මගින් සේවකයින්ට සිය කුසලතාවන් ඉදිරියට ගෙන යා හැකි ප‍්‍රශස්ත රැකියා වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා වන HNB FINANCE හි කැපවීම යළිත් වරක් ඇගයීමට ලක් වූනා. අපගේ ගනුදෙනුකරුවන්ට උපරිම සේවයක් ලබා දීම සඳහා ආයතනික කාර්ය මණ්ඩලයට විශිෂ්ට වූ සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ඊට සුදුසු සේවා පරිසරයක් නිර්මාණය කිරීම කළමනාකාරීත්වය සතු වගකීමයි’’යනුවෙන් පැවසීය.

HNB FINANCE වර්ෂ 2017 දී ප‍්‍රමුඛ සේවායෝජකයකු ලෙස පිළිගැනීමට ලක්වූ අතර සේවය කිරීමට විශිෂ්ට ස්ථානයක් ලෙස ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. එසේම 2018 දී Extra Large Sized Enterprisez කාණ්ඩය යටතේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මීට අතිරේකව 2017 දී අභිමානය සහ උපදේශනය සඳහා විශේෂ සම්මානයක් HNB FINANCE වෙත ප‍්‍රදානය කරන ලදි.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් පුරා දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු නිෂ්පාදන යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME& ණය ලබා දීම ද සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *