කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09 ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – හෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 09ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශයන් ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *