(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි ආශ්‍රිතව යුටියුබ් සම්බන්ධ පැමිණිලි කිසිවක් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළ පැමිණිලි 1000කට අධික සංඛ්‍යාවක් මේවන විට ලැබී ඇතැයි කොමිසම පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ යුටියුබ් හරහා විශාල වශයෙන් දේශපාලන ව්‍යාජ පුවත් හුවමාරුවන බව දන්නා නමුත් ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවය. යුටියුබ් ද නිරීක්‍ෂණය කිරීමක් සිදු විය යුතු බව ඔහු පෙන්වා දෙයි.
මෙවැනි පැමිණිලි භාර ගැනීම සදහා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. එම මධ්‍යස්ථානයට 011 – 2886179, 011 – 2886421, 011 – 2886117 දුරකථන අංක ඔස්සේ ද 0112 – 2886551, 011- 2886552 ෆැක්ස් අංකය ඔස්සේ ද පැමිණිලි යොමු කළ හැකිය.
මීට අමතරව විශේෂයෙන් වයිබර්/ වට්ස්ඇප් ඔස්සේ පැමිණිලි යොමු කිරීම සදහා 071 – 9160000 අංකය හදුන්වා දී ඇත.