මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරන ලද්දේ සුවය ලැබු සමස්තය 2121ක් බවයි. ආසාදිතයින් 673 දෙනෙක් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර අද (28) උදෑසන වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ ව කොරෝනා ආසාදිත පුද්ගලයින් 597 දෙනෙක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

පුනරුත්ථාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලයේ 65ක්, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5ක්, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත වු රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙක් මෙම ආසාදිතයින් අතරට අයත් ය.

මේ අතර අද උදෑසන 6 වන විට නව ආසාදිතයින් 23 දෙනෙක් වාර්තා වු අතර එයින් ආසාදිතයින් 17ක් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් වේ.

ඉතිරි අයගෙන් පස් දෙනෙක් කටාර් සිට පැමිණි නිරෝධායනය මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් වන අතර එක් අයෙක් සෞදි අරාබියේ සිට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *