අල්ලස-දූෂණය අක්‍රමිකතාවෙන් තොර රාජ්‍ය සේවාවක් ස්ථාපිත කරනවා

(කොළඹ, ලංකාපුවත්) –අල්ලස, දූෂණ සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැප වූ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) කළුතරදී පැවසීය.

ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටින බවත්, එහෙත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ දෛනිකව තොරතුරු වාර්තා වී ඇති බවත් හෙතෙම කීවේය.

මහ මැතිවරණයෙන් පසු උපාධිධාරීන්ට සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රැකියා එක්ලක්ෂ පනස්දහසක් ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවත් මේ සියලු අවස්ථා රටේ ආර්ථික සංවර්ධනයට ඉවහල්වනු ඇති බවත් ජනාධිපතිවරයා ජනතාව සමඟ පැවැසීය.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලියකට රජය මුල පුරා ඇති බවත් කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස රැස්ව සිටී ජනතාවගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − three =