කොරෝනා ව්‍යාප්තිය ගැන WHOවෙතින් යළිත් අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණ ඍතු වෙනස් වීමත් සමඟ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වෙනස් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර තිබේ.

ඒ හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය සැහැල්ලුවට නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සන්නිවේදන නිලධාරි වෛද්‍ය මාග්‍රට් හැරිස් මහත්මිය සදහන් කර ඇත.

ඇය කියා සිටියේ “මිනිස්සු තවමත් ඍතු වෙනස් වීම ගැන හිතනවා. අපි තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. මේක අලුත් වෛරසයක්. මේ වෛරසය හැසිරෙන්නේ වෙනස් විදියකට” යනුවෙනි.

COVID-19 පැතිරීමට මෙම සමය හා කාලගුණය බලපාන්නේ නැති බවත් වෛරසය පැතිරීම කෙරෙහි බලපෑමක් ඇති කළේ මිනිසුන් එක්රැස් වීම සහ දුරස්ථභාවය ආරක්‍ෂා නොකිරීම බව මාග්‍රට් හැරිස් කියා සිටියාය. COVID-19 යනු නව ශ්වසන වෛරසයක් බවත් ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *