දෛනික භාවිතයට සරිලන Nokia 5310, Nokia 125 සහ Nokia 150 ජංගමදුරකථන ශ්‍රී ලංකාවට හදුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – Nokia දුරකථන නිෂ්පාදක HMD ග්ලෝබල්, Nokia පවුලට අළුතින් එකතු වූ වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි නවතම මාදිලියේ ජංගමදුරකථනවන Nokia 5310, Nokia 125 සහ Nokia 150 දැන් ශ්‍රී ලංකාවෙන් මිලදී ගත හැකිබව නිවේදනය කරයි.

නියම Nokia 5310 Xpress සංගීතය රසවිදීමේ හැකියාව ලබාදෙන Nokia 5310, MP 3 ප්ලේයර් එකක් සහ FM රේඩියෝව සමග බලසම්පන්න ද්විත්ව ඉදිරිපස ස්පීකර්ස් වලින් සමන්විත ය.

නැවිගේෂන්, ඩයලින් සහ ටෙක්ස් පණිවුඩ පහසුවෙන් හැසිරවීමෙහිලා විශාල බොත්තම් සදහා වැඩි ඉඩකඩක් ලබාදෙමින් Nokia 125සහ Nokia 150 නවතම දිගු හැඩයකට නිර්මාණය කර ඇත.

එක්වරක් චාර්ඡ් කළවිට සතිකිහිපයක් භාවිත කළහැකි බැටරිය නිසා මෙම දුරකථන භාවිත කරන්නන්ට ස්නේක්වැනි ක්‍රීඩාවන්හී නිරත වීමට හෝ වයර්ලස් FM රේඩියෝව හරහා විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි ය.

අවම අමතර පිරිවැයකට මල්ටිමීඩියා උපාංග ලබා ගැනීමට අදහස් කරන අයට සරිලන පරිදි මෙම නව Nokia 150 ජංගමදුරකථනය MP3 ප්ලේයරයකින් සහ ෆ්ලෑෂය සහිත කැමරාවක් 2 ඇතුළුව එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියළුම උපාංගයන් ගෙන් සමන්විත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *