මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02න් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඉන් පසුව මැතිවරණය පැවැත්වෙන දින දක්වා නිහඬ කාලයක් තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක සඳහන් කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 12,985ක පැවැත්වීමට නියමිත අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71 ක් ස්ථාපිතය.

ගණන් කිරීමේ ශාලා 2820ක් ස්ථාපිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ ය.

මෙවර මැතිවරණය සඳහා පොලීසිය ඇතුළුව රාජ්‍ය සේවකයින් ලක්ෂ තුනහමාරක් පමණ යෙදවීමට නියමිතව තිබේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන අගෝස්තු 05වනදා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *