ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමාජිකයෙක්ට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් – 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි තහවුරු කර ඇත.

එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනා ගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකි.

තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + eighteen =