ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමජගත කිරිමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 165 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව ඊයේ (29) සිය නිවෙස් වෙත යොමුකරන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබන අතර වන්නි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි එයාර් කමාන්ඩර් ඉන්ද්‍රජිත් විරසූරිය ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම නිරෝධායන කටයුතු සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 6 =