කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයකින්

(කොළඹ, ලංකාපුවත්) –පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

අද පස්වරු 2. 00 සිට මධ්‍යම රාත්‍රී 12. 00 දක්වා කොළඹ 01,02,03,07,08,09,10,12,13 සහ 14 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *