රුධිර පරික්ෂණ උපරිම මිළ ඉක්මවන්නන් සොයා වැටලීම් අද සිට

(කොළඹ, ලංකාපුවත්) – උපරිම මිළ ගණන් ඉක්මවා පරික්ෂණ සඳහා අය කරන පුද්ගලයන් සොයා අද (30) සිට වැටලීම් කි‍්‍රයාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේය.

ඩෙංගු පරික්ෂණ සඳහා අයකළ යුතු උපරිම මිළ වන්නේ රුපියල් 1200 කි.

සම්පූර්ණ රුධිර පරික්ෂාවක් වෙනුවෙන් ද රුපියල් 400 ක මිළක් නියම කරමින් ගැසට් නිවේදනයන් නිකුත් කර තිබේ. එය කි‍්‍රයාත්මක කිරිම අනිවාර්ය බව සභාපතිවරයා පැවසීය.

ජනතාවට පහසුකම් සැලසීම සඳහා මෙම වැඩපිලිවෙල ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *