අගමැති දළදා සමිඳු වැඳ පුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) – අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විශේෂ දානමය පුණ්‍යකර්මයකට සහභාගි විය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ඇතුළු විංශත් වර්ගික කාරක සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නය මේ අවස්ථාවට එක්ව සිටියහ.

දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ තැන්පත් කර තිබූ කැටයමක් විවෘත කිරීමටද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ආරාධනයෙන් අගමැතිවරයා එක් විය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ, ආනන්ද අලුත්ගමගේ, සරත් ඒකනායක, වසන්ත යාපා බණ්ඩාර, අනුරාධ ජයරත්න මහත්වරු මේ අවස්ථාාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =