අද සහ හෙට අතිරේක පැය කිහිපයක් තැපෑල විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල අද(04) සහ හෙට(05) අතිරේක පැය කිහිපයක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

තේරිම්භාර නිලධාරීන් විසින් නම් කර ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල අද රාත්‍රී 8.00 වන තුරු විවෘතව තැබිය යුතු වේ.

ඒ, මහ මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ගේ පහසුව වෙනුවෙනි.

තැපැල්පතිවරයා සඳහන් කළේ, තෝරා ගත් තැපැල් සහ උපතැපැල් කාර්යාල හෙට සවස 6.00 දක්වාත් විවෘතව තැබෙන බවයි.

එම කටයුතු ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවා.

මේ අතර මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් සිටියි නම් අද සහ හෙට දෙදින කාර්යාල වේලාවන් තුළදී සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙස ද ඔහු දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 19 =