පැෆරල් සංවිධානයෙන් නිරීක්ෂකයන් 5000 ක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර මහ මැතිවරණය සදහා තම ආයතනයෙන් නිරීක්ෂකයන් 5000 ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඡන්දය දිනයේදී (05) ස්ථානගත නිරීක්ෂකයන් 3045ක ප‍්‍රමාණයක් උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන ඇතුලත නිරික්ෂණ කටයුතුවල යෙදෙනු ඇත.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන අවට තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ රථ බස්නාහිර පළාත සඳහා 45 ක් ද, මධ්‍යම පළාත සඳහා 35 ක් ද, දකුණු පළාත සඳහා 31 ක් ද, උතුරු පළාත සඳහා 40 ක්ද, නැගෙනහිර පළාත සඳහා 21, වයඹ පළාත සඳහා 27ක් ද, උතුරු මැද පළාත සඳහා 18 ක් ද, ඌව පළාත සඳහා 19 ක් ද, සබරගමු පළාත සඳහා 24 ක් ද ලෙස රථ 260 ක් සඳහා නිරීක්ෂකයින් 1092 යෙදෙනු ඇත.

ඊට අමතරව පසුගිය මැතිවරණ කාලවකවානුවේ අත්දැකීම් සහ මෙම මැතිවරණයේ පූර්ව කාලය සැළකිල්ලට ගෙන ජාතික මට්ටමින් ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 13 ක් අගෝස්තු 03 සහ 04 යන දෙදින තුළ දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්කවල නිරීක්ෂණ කටයුතු සඳහා පිටත් කෙරෙනු ඇතැයි පැෆ්රල් සංවිධානය සදහන් කරයි.

එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි භාර ගැනීමේ මධ්‍යස්ථාන සඳහා 25 දෙනෙකුද, ඡන්ද බලප‍්‍රදේශ 160 සඳහා 160 දෙනෙකු ද, ප‍්‍රතිඵල ප‍්‍රකාශ කරන ස්ථාන සඳහා 25 දෙනෙකුද, යෙදවීමට සැළසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *