මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,828ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 2828 දෙනෙක් රට තුළින් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අවසන් වරට වාර්තාවූ පස්දෙනාගෙන් හතර දෙනෙක් සවුදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්වේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශි‍්‍රතයෙකු ද හමුවී තිබේ.

පුද්ගලයන් 2517 දෙනෙක් සුවය ලබා නිවාස වෙත පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව දැනට ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 300 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 16 =