විදේශ රටවල සිටින ලංකිකයන් මෙරටට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා සඳහන් කළේ , ජපානයේ නරීටා සිට ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට පැමිණි බවයි.

28 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *