විෂ ශරීරගත වී අංගොඩ ලොක්කා මිය ගිය බවට අනාවරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේදී මියගොස් ඇතැයි කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ මරණය සිදුවී ඇත්තේ විෂ වර්ගයක් ශරීර ගතවීමෙන් බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ දෑත් සහ පාදවල නියපොතු නිල් පැහැ ගැන්වී තිබී ඇති බව එරට පොලිස් ආරංචි මාර්ග පවසා ඇතැයි සදහන්වේ.

කෙසේවෙතත් අංගොඩ ලොක්කාගේ ඩී එන් ඒ සාම්පල වාර්තා මේ දක්වා ලැබී නොමැති අතර මියගොස් ඇත්තේ අංගොඩ ලොක්කාමද යන්න එහිදී නිශ්චිතවම තහවුරු කරගැනීමට හැකිවනු ඇති බව ඉන්දීය පොලිස් නිලධාරීන් සදහන් කරයි.

මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් 02 දෙනෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම ශ්‍රී ලංකා බුද්ධි අංශ උපුටා දක්වමින් පුවත්පත්වල ද වාර්තා වූයේ අංගොඩ ලොක්කාට විරුද්ධ කල්ලියක් විසින් ඔහුව ඝාතනය කිරීමට කාන්තාවක් යවා ඇති බවයි.

කෙසේ නමුත් අංගොඩ ලොක්කා හෘදයාබාධයක් හේතුවෙන් ජූලි 03 වනදා මිය ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය මදුරෙයි වෙත ගෙන ගොස් පසුදා ආදාහනය කර ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 9 =