9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට සියළු කටයුතු සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව 9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස්කර තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ පක්ෂ හා මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීමට කැඳවීමක් සිදු නොකරන බවත් සියලු ලියාපදිංචි කිරීම් ඔන් ලයින් ක්‍රමයට සිදු කරන බවයි.

පර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ දී ආණ්ඩු පක්ෂයේ අසුන් 150ක් පමණ වන බැවින් පාර්ලිමේන්තුවේ එක් පැත්තක අසුන් 116ක් පමණක් පවතින බැවින් අනෙකුත් අසුන් ගැන්වීම එක් කණ්ඩායමක් ලෙස විපක්ෂයේ කොටසක පිළියෙල කිරීමට සිදුවන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එමෙන් ම සභාගර්භයේ දී මන්ත්‍රීවරු මුඛ ආවරණ පැළද සිටිය යුතු බවත් සභාව ඇමතීමේ දී අනිවාර්යෙන් ම මුඛ ආවරණ පැළදිය යුතු බවත් වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *