අගමැති මහින්ද අද රාජකාරී අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ දී අද (11) උදෑසන සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කරයි.

මෙරට දහ හතරවැනි අගමැතිවරයා වශයෙන් පෙරේදා (09) දිවුරුම් දුන් රාජපක්ෂ මහතා එම ධුරයේ කටයුතු කරන සිව්වැනි අවස්ථාව මෙය වේ.

එසේම ලෝක ඉතිහාසයේ පිට පිට වසර තුනක දී අගමැති ධුරයට පත් පළමුවැන්නා ද මහින්ද රාජපක්ෂ මහතා වේ. ඔහු 2018, 2019 සහ 2020 යන වර්ෂවල දී අගමැති ධුරයට පත්විය.

1970 වසරේ දී එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසි රාජපක්ෂ මහතා මේ වන විට වසර 50ක් සක්‍රීය දේශපාලනයේ යෙදී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 14 =