ඉන්දියාවේ හිටපු ජනපතිට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට ඔහු 84 වැනි වියේ පසුවේ. මුකර්ජි මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකල අවස්ථාවේදීය.

ඉකුත් සතියේදී ඔහු සමග සබදතා පැවැත්වු සියලුදෙනාට නිරෝධායනය වන ලෙස එරට සෞඛ්‍ය අංශ ඉල්ලා ඇත.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසිදෙලක්ෂ දාහත්දහස ඉක්මවා තිබේ. හතලිස් හතර දහස් පන්සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *