බේරූට් ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බේරුට් ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ඉල්ලා අස්වීමට ලෙබනන් රජය ඊයේ තීරණය කළේය. ජනතාවගෙන් ලෙබනන් රජයට එල්ල වූ දැඩි විරෝධයට ඊට හේතු විය.

මෙම ප්‍රහාරය හේතුවෙන් අහිමි වී ඇති ජිවිත සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ.

අගමැති හසන් ඩයබ් මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් නිල වශයෙන් ඊයේ රජයේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන ලදි.

ඇමෝනියම් නයිට්රේට් ටොන් 2750 ක් සහිත රජයේ ගබඩාවක ඇතිවූ පිපිරීමක් මෙම ව්‍යසනයට හේතු විය. මෙය ලෙබනනයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ගැටුමක් බවටද මථ පලවී තිබේ. නව රජයක් පත්වීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =