නව සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව විසින් මහ මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම ලබන 15 වැනිදාට පෙර සිදු කරන්නැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.

අගෝස්තු 20වනදා ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන්ගේ තොරතුරු මෙලෙස ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පැවසුවේය.

කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව නව ක්‍රමවේදය හරහා සිය ලියාපදිංචිවීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේය.

එහිදී තේරිපත් වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇත.

WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැකි බව නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *