නව කැබිනට් මණ්ඩලය ලබන බදාදා රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් මණ්ඩලය ලබන 19 වන බදාදා පස්වරුවේදී රැස්වීමට නියමිතය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර 09වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වනදා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මංගල සැසිවාරය සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ සිදුකිරීමට නියමිත අතර මෙවර එය නැරඹීමට පැමිණෙන අමුත්තන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ සමීපතමයින්ගේ සංඛ්‍යාව සීමා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *