ට්‍රම්ප් අකාර්යක්ෂම නායකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයෙන් ප්‍රතික්ෂේප වූ අකාර්යක්ෂම නායකයෙක් ලෙස ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සහ උප ජනාධිපති අපේක්ෂකත්වය සදහා නම් කර ඇති කමලා හැරිස් සදහන් කර ඇත.

ඔවුන්ගේ පළමු ප්‍රචාරක රැලියේ දී මෙලෙස වත්මන් අමෙරිකා ජනාධිපතිවරයාව විවේචනය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කමලා හැරිස් නම්කර දින දෙකකට පසුව මෙම රැලිය පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවණයේදී ජෝ බයිඩන් හා රිපබ්ලිකන් පක්‍ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය සදහා තරග කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *