(කොළඹ, ලංකාපුවත්) – ලබන බ්‍රහස්පතින්දා (20) පැවැත්වීමට සැලසුම් කර ඇති 09වන පාර්ලිමේන්තු ප්‍රථම රැස්වීම් දිනයේදී ගැලරි ආසන වලින් අඩකට පමණක් අමුත්තන් කැඳවීමට තීරණය කර තිබේ.
ඒ නිරෝධායන නීති පිළිබදව අවධානය යොමු කරමින්ය. මන්තී‍්‍රවරයෙකුට එක් ගැලරි අවසර පත්‍රයක් පමණක් නිකුත් කිරීමට කටයුතු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ අතර ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ වනවිටත් මන්ති‍්‍රවරුන් 175 දෙනෙකු ලියාපදිංචිවී අවසන් බව ද ඒ මහතා සදහන් කළේය.