ග්ලැක්සෝස්මිත්ක්ලයින් ආයතනය මිලියන 05ක් කොවිඩ් අරමුදලට දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ග්ලැක්සෝස්මිත්ක්ලයින්(GSK)ආයතනය විසින් වර්තමානයේ පවත්නා කොරෝනා වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික සෞඛ්‍යාරක්‍ෂක සහ මානවවාදී ක්‍රියාකාරකම් සදහා සහාය වෙමින් රුපියල් මිලියන 05 ක් රජයේ කොවිඩ් -19 සෞඛ්‍යාරක්‍ෂක සහ සමාජආරක්ෂක අරමුදල සදහා පරිත්‍යාග කරයි.

මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ සහ පාරිභෝගික සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදන සමාගමක් ලෙස කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික ක්‍රියාකාරකම්වලට ක්‍රියාකාරීව සහාය වෙමින් මේසම්බන්ධයෙන් ග්ලැක්සෝස්මිත්ක්ලයින්(GSK)ආයතනය බහුජාතික සමාගමක් ලෙස ජාත්‍යන්තර මට්ටමෙන්දායක වීමට අපේක්ෂා කරයි.

‘’COVID-19 ලොවපුරාව්‍යාප්ත වීමත් සමඟම මෙම වෛරසයට එරෙහිව සටන්කිරීමේ වෑයම සඳහා අපි ජාත්‍යන්තර මට්ටමින් ඉතාමත් කැපවීමෙන් සම්බන්ධ වුණෙමු.

මෙම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට මෙන්ම ආසාදිතයන්ට සහායවීමෙහිලා අපරටගත් ක්‍රියාමාර්ග ඉතාමත් ප්‍රශංසනීයයි. අපි අපේවීර සෞඛ්‍යාරක්ෂක සේවකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නායකයින් අගය කරන අතර කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා රජය සමග අපිද අත්වැල් බැඳගත්තෙමු.

මෙම අසීරුකාලයේදී අපගේ ජනතාව ආරක්ෂා කිරීම සදහා අපි එකට එක්වක්‍රියාකළ යුතුයැයි‘’GSK කොන්සියුමර් හෙල්ත්කෙයාර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක සුනිල් මෙහෙරා මහතා පැවසුවේය.

GSK ශ්‍රී ලංකා සමාගම, සුවතාවය සහ ආමාශ ආන්ත්‍රායික (Wellness & Gastrointestinal)සෞඛ්‍යය, මුඛසෞඛ්‍යය, වේදනා සහ ශ්වසන යන කාණ්ඩයන් යටතේ ක්‍රියාත්මකවේ. වෙළෙඳපොළේ කවුන්ටරය හරහා පහසුවෙන් ලබාගත හැකි ඖෂධ කාණ්ඩ අතරින් GSK ආයතනය ප්‍රධාන සැපයුම් ආයතන අතරින් එකක්වන අතර (පැනඩොල්සඳහා), ප්‍රතිජීවක, ශ්වසන හා එන්නත් යන අංශ සඳහාද ප්‍රධාන ඖෂධ සහ උපකරණ සැපයුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *