ගතවූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා රෝගීන් ඉන්දියාවෙන්

(කොළඹ, ලංකාපුවත්) –ගතවූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 64,000කට ආසන්න වේ.

ඒ සමඟ ඉන්දියාව තුළ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිහය ලක්‍ෂය ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එසේම ගතවූ පැය 24 තුළ ලොව දෙවැනිනුවට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. එම මරණ සංඛ්‍යාව 950කි. ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,000කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *