බන්ධනාගාරවලට STF ආරක්ෂාව

(කොළඹ, ලංකාපුවත්) – මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සිදුකළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය සදහන් කර තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට අදාළ මුලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලවකවානුවේ බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ සිදුවීම් බහුලව සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 8 =