රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ.

අදාළ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසීය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *