සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනාට අදාළ ලිපි යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

9 වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *