සුරේෂ් රයිනාත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

මහේන්ද්‍ර සිං දෝනි විශ්‍රාම යන බව ප්‍රකාශයට පත් කර පැයකටත් අඩු කාලයකදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා ද විශ්‍රාම යන බව නිවේදනය කර ඇත.

දෝනි මෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කිරීම සඳහා රයිනා ද සමාජ මාධ්‍ය වෙත යොමුව තිබේ. ඒ අනුව ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ මේ බව දක්වා ඇත.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණු කඳවුරකට සහභාගී වීම සඳහා රයිනා මේ වන විට දෝනි සමඟ චෙන්නායි හි සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 5 =