අංගොඩ ලොක්කාගේ සිද්ධිය ගැන විමර්ශන කල් යන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවකු වන “අංගොඩ ලොක්කා”ගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශනය සිදු කළ ඉන්දීය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් අදාළ විමර්ශනයේ යෙදී සිටින විශේෂ කණ්ඩායම් හතකට අනුයුක්ත පොලිස් නිලධාරීන් 30 කට වැඩි පිරිසකට සතියකට ස්වයං නිරෝධායනයකට භාජනයවන ලෙස දැනුම් දී තිබේ.

එසේම උප්ලිපිලයම් හි පිහිටි මෙම විමර්ශන කටයුතු සිදු කෙරෙන අපරාධ විමර්ෂණ කාර්යාලය වසා දමා ධූමකරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරනු ඇත. මේ අනුව අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් නඩු විභාගය සහ විමර්ශනය ප්‍රමාද වීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =