පිල්ලෙයාන්ට පාර්ලිමේන්තුවට සහභාගීවීමට අධිකරණයෙන් විශේෂ අවසරයක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ලබන 20වනදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගීවීමට අධිකරණය අවසර දී තිබේ.

පිල්ලෙයාන් පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව මඩකලපුව බන්ධනාගාරය ඉදිරිපත් කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන මඩකලපුව මහාධිකරණය අද(18) මෙම අවසරය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =