මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් , මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් නොලද අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 06 වනදාට පෙර ලබා දෙන්නැයි දින නියම කර තිබේ.

අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබා දිය යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව කොමිෂන් සභාව සදහන් කරයි.

මේ අතර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 20 වනදාට පෙර ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලු සභිකයින්ට දැනුම් දී ඇත.

එසේම මේ වනවිට මහ මැතිවරණයෙන් ජයගත් බොහෝ අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති බවට වාර්තා වන බව එම කොමිසම සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − nine =