නාකොටික් 13 දෙනා යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එහි නිලධාරීන් 13 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියම කළාය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවටත් අධිකරණයට වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *